සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම හමුවේ ටෙස්ට් තරගාවලි පරාජය වැලඳගැනීමේ අතපොවන මානයට පැමිණ සිටින සත්කාරක නවසීලන්ත කණ්ඩායම දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වූ අද (22දා) දිනයේදී එය තහවුරු කරමින් සිටියේය.
තරග දෙකකින් සමන්විත මෙම තරගාවලියේ දෙවැනි හා අවසන් ටෙස්ට් තරගය මෙය වන අතර, අද තරගය නතර කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩාකරමින් සිටි නවසීලන්ත කණ්ඩායම කඩුලු 04ක් දැවී ලකුණු 121 ක් රැස්කරගෙන සිටියේය. ඒ අනුව ඔවුන් ඔස්ට්‍රේලියානු පළමු ඉනිමට වඩා තවත් ලකුණු 14ක් පසු පසින් සිටියි.
ක්‍රයිස්චර්ච්හි හැග්ලේ ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගය ඉකුත් සෙනසුරාදා (20දා) ආරම්භ වූ අතර, ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායමට සිය පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 370 ක් පමණි. පළමු දිනයේදීම නවසීලන්ත පළමු ඉනිම අවසන්කිරීමට ඔස්ට්‍රේලියානු පන්දු යවන්නෝ සමත්වූ අතර, එහිදී නේතන් ලයන් කඩලු තුනක් හා ජෝෂ් හැස්ලෙවුඩ්, ජේම්ස් පැටින්සන් හා ජැක්සන් බර්ඩ් කඩුලු දෙක බැගින් දවලමින් දක්ෂතා දැක්වූහ. කෙසේ නමුත් සිය අවසන් ටෙස්ට් තරගයට ක්‍රීඩාකරමින් සිටින නායක බ්‍රෙන්ඩන් මැකලම් හුදෙකලා සටනක නිරතවෙමින් ලකුණු 145 ක් රැස්කිරීමට සමත්විය.
ඉන් අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීම ඇරඹූ ඔස්ට්‍රේලියානු කණ්ඩායම සිය පළමු ඉනිමට සියල්ලන් දැවී ලකුණු 505 ක් රැස්කළේය. මෙහිදී විශිෂ්ට පිතිහරඹයක නිරත වූ ජෝ බන්ස් (170) හා නායක ස්ටීවන් ස්මිත් (138) ශතක ඉනිම් ගොඩනගමින් තෙවැනි කඩුල්ලට ලකුණු 289 ක සබඳතාවක් ගොඩනැගීමට සමත්වූහ. නවසීලන්තය වෙනුවෙන් සාර්ථක වූ නීල් වැග්නර් ලකුණු 106කට කඩුලු 06 ක් දවාලීය.
නැවතත් සිය දෙවැනි ඉනිම ඇරඹු නවසීලන්ත කණ්ඩායම ලකුණු 135 ක් පසුපසින් සිටිමින් ඉනිම ආරම්භ කළ අතර, ඊයේ (22දා) දිනය නිමාකරන විට ඔවුන් කඩුලු 04 ක් දැවී ලකුණු 121 ක් රැස්කරගෙන සිටියේය.
මෙම ඉනිමේදී නවසීලන්ත නායක බ්‍රෙන්ඩන් මැකලම්ට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 25 ක් පමණි. මේ වනවිට විස්සයි20 හා එක්දින තරග බිමෙන් සමුගෙන ඇති මැකලම්, මෙම තරගයෙන් පසු ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියට සමුදෙන බව තහවුරු කර තිබූ අතර, ඒ අනුව ඔහු සිය ක්‍රිකට් දිවියේ ක්‍රීඩකළ අවසන් ජාත්‍යන්තර ඉනිම මෙය වනු ඇත.
මේ වනවිට තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය තරග 1-0 ක් ලෙස ඔස්ට්‍රේලියානු කණ්ඩායම ඉදිරියෙන් සිටින අතර, ඒ අනුව නවසීලන්ත කණ්ඩායමට තරගය ජයගැනීමට හෝ ජය පරාජයයෙන් තොරව අවසන්කරගැනීමට හෙට (23දා) හා අනිද්දා දිනයන් තීරණාත්මක වේ.
නවසීලන්තය පළමු ඉනිම 370/10 (පන්දුවාර 65.4)
බ්‍රෙන්ඩන් මැකලම් 145, කෝරී ඇන්ඩර්සන් 72, බී.ජේ. වොට්ලින් 58, මැට් හෙන්රි 21, මාටින් ගප්ටිල් 18, ට්‍රෙන්ට් බෝල්ට් නොදැවී 14, නේතන් ලයන් 3/61, ජෝෂ් හැස්ලෙවුඩ් 2/98, ජේම්ස් පැටින්සන් 2/81, ජැක්සන් බර්ඩ් 2/66
ඔස්ට්‍රේලියාව පළමු ඉනිම 505/10 (පන්දුවාර 153.1)
ජෝ බන්ස් 170, ස්ටීවන් ස්මිත් 138, ඇඩම් වෝජස් 60, නේදන් ලයන් 33, උස්මාන් කවජා 24, නීල් වැග්නර් 6/106, ට්‍රෙන්ට් බෝල්ට් 2/108, කෝරී ඇන්ඩර්සන් 1/66, කේන් විලියම්සන් 1/17
නවසීලන්තය දෙවැනි ඉනිම 121/4 (පන්දුවාර 44)
කේන් විලියම්සන් නොදැවී 45, කෝරී ඇන්ඩර්සන් නොදැවී 09, ටොම් ලේතම් 39, බ්‍රෙන්ඩන් මැකලම් 25, ජේම්ස් පැටින්සන් 3/29, ජෝෂ් හැස්ලෙවුඩ් 1/40