ශ්රී ලංකා කණ්ඩායමේ මීළඟ පුහුණුකරු ලෙසින් මාවන් අතපත්තු පත්කර ගැනීමට ශ්රී ලංකා ක්රිකට් විධායක කමිටුව තීරණය කර තිබේ. ජාතික පුහුුණුකරුවෙකු තෝරා ගැනීම සඳහා පත්කළ කමිටුව විසින් ඊයේ (24දා) අවසන් වශයෙන් මාවන් හා තවත් එක් අයෙකු තොරාගනු ලැබීය.
ඔවුන් දෙදෙනා අතරින් අවසන් වශයෙන් මාවන් අතපත්තු තෝරා ගැනීමට පුහුණුකරු තෝරා ගැනිමට පත්කළ කමිටුව තීරණය කළ අතර එයට විධායක කමිටුවේ අනුමැතිය ලැබිණි.