ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මාවන් අතපත්තු මහතා සිය තනතුරින් ඉල්ලා අස් වී තිබේ. ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය බාරගත් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ (03දා) මාධ්‍ය වෙත දැනුම් දුන්නේය.
2014 වර්ෂයේ ඔක්තෝම්ර් මාසයේ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත් වූ ඔහු මේ දක්වා එම තනතුරෙහි රැඳී සිටියේය.
කෙසේ වෙතත් මේ දක්වා මාවන්ගේ ඉල්ලා අස්වීමට හේතුව ක්‍රිකට් ආයතනය නිවේදනය කොට නොමැත.