තමන්ට ලැබී ඇති කණ්ඩායම පිළිබඳව ආඩම්බර වන බවත්, ඔවුන් සමග එක්ව සිය ප්‍රධාන අරමුණ වූ 2015 ලෝක කුසලාන ජයග්‍රහණය කරා යාම පහසුවක් වනු ඇති බවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නව පුහුණුකරු ධුරයට පත් මාවන් අතපත්තු මහතා පැවසීය. එමෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමේ සහය පුහුණුකරු ධූරයට සුදුසුකම් ඇති අයෙකු ඉදිරියේදී සලකා බලන බවද ඔහු පැවසීය.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාරීත්වයට පත්වීමෙන් පසු පැවැත්වූ ප්‍රථම මාධ්‍ය හමුවේදී ඔහු මෙම අදහස් දැක්වීය.
ඡායාරූප ඉසුරු පෙරේරා