තම ආර්ථික අපහසුතා පියවා ගැනීම සඳහා සිය ඔලිම්පික් රිදී පදක්කම අලෙවි කරන බවට ප්රකාශ කළේ තමාට උපකාරයක් නොලැබේ නම් බවත් සිය ගැටලුව පිළිබඳව මේ වන විට ජනපති මෛත්රීපාල සිරිසේන මහතාගේ අවධානය යොමුව ඇති බවත් ශ්රී ලංකාවේ හිටපු සුපිරි කෙටිදුර ධාවන ශූර සුසන්තිකා ජයසිංහ පැවැසීය.
ඒ අනුව ජනපති මෛත්රීපාල සිරිසේන මහතාගේ ලේකම්වරයෙකු තම ගැටලුව පිළිබඳව තමා සමග අද (05දා) දුරකතනයේ සාකච්ඡා කළ බවත් ඇය සඳහන් කළාය.
කෙසේ වෙතත් තම ඔලිම්පික් පදක්කම වෙන්දේසි කිරීමට ගත් තීරණය අත්හිටුවා නොමැති බවත් ඉදිරියේදි පැවැත්වෙන සාකච්ඡා අනුව තීරණයක් ගන්නා බවත් ඇය සඳහන් කළාය.
“නැවැත්තවේ නෑ (වෙන්දේසිය). දැන් ඒක ජනාධිපතිතුමාට ගිහින් තිබෙනවා. ජනපතිතුමාගේ ලේකම් කෙනෙක් කතා කරලා දැන් පාඩුවේ ඉන්නේ. මම කිව්වේ මට යම්කිසි උදව්වක් කරන්නේ නැත්නම් වෙන්දේසි කරනවා කියලා. මාව රැකබලා ගන්නවානම් කලබල වෙන්න ඕන නෑ. සාකච්ඡා කරලා තීරණයකට එන්න දවස් දෙක තුනක් යනවා. අපිට එක පාරටම උත්තරයක් ලැබෙන්නේ නෑ”