ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ මූලික වටයේ අවසන් තරගය (56) ලෙස හයිද්‍රබාද්හි ඊයේ (17දා) රාත්‍රියේ පැවැති තරගයෙන් සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායම පරාජය කර කඩුලු 09 ක පහසු ජයක් ලැබීමට ලසිත් මාලිංග නියෝජනය කරන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත්විය. මෙම ජයග්‍රහණයත් සමඟ මුම්බායි කණ්ඩායමට ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට හැකිවිය.
රජිව් ගාන්ධි ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් සන්රයිසර්ස් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ සියල්ලන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 113 ක් පමණි. පිළිතුරු ඉනිම ක්‍රීඩකළ මුම්බයි පිතිකරුවෝ ලකුණු 114 ක ජයග්‍රාහී ඉලක්කය එක් කඩුල්ලක් පමණක් දැවී තරගයේ 13.5 වැනි පන්දුවාරයේදී පසුකරයාමට සමත්විය. තරගයේ වීරයා ලෙස පන්දුවෙන් දස්කම් දැක්වූ මිචෙල් මැක්ලෙනග්හැන් සම්මාන දිනාගත්තේය.
සන්රයිසර්ස් පන්දුවට පහරදීම / මුම්බායි පන්දු යැවීම
මුම්බායි පන්දුවට පහරදීම / සන්රයිසර්ස් පන්දු යැවීම
තරගාවලියේ තවදුරටත් රැදී සිටීමට මෙම තරගය කණ්ඩායම් දෙකටම තීරණාත්මක විය. ඒ අනුව සන්රයිසර්ස් කණ්ඩායම ලැබූ පරාජයත් සමඟ ඔවුන්ට තරගාවලියෙන් ඉවත්වීමට සිදුවූ අතර, මුම්බායි කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමේ වටයට පිවිසියහ.
මෙම තරගාවලියේ ඉදිරි ගමන්මග අනුව මූලික වටයේ සියලු තරග අවසන් වූ පසු එලිදක්වන ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන්ම සිටින කණ්ඩායම් හතර පමණක් අවසන් මහා තරගයට දක්වා පැමිණීමේ පෙර තරග සඳහා සුදුසුකම් ලබයි.
මෙහි ඇති සුවිශේෂීතාව වන්නේ සෙසු තරගාවලියන් මෙන් අවසන් පූර්ව වටය ලෙස තරග නොපවත්වයි. ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන්ම සිටින කණ්ඩායම් දෙක අතර එක් තරගයක් හා තෙවැනි හා සිව්වැනි ස්ථානයන් අතර එක් තරගයක්ද පවත්වයි. එහි පළමු ස්ථානයන් දෙක අතර තරගයෙන් (Qualifier 1) ජයගන්නා කණ්ඩායම අවසන් මහා තරගයට සුදුකම් ලබයි. කෙසේ නමුත් තෙවැනි හා සිව්වැනි ස්ථානයන් අතර පැවැත්වෙන තරගයෙන් ජයගන්නා කණ්ඩායමට පෙර පැවති තරගයේ (Qualifier 1) පරාජය වූ කණ්ඩායම සමඟ නැවත තරග වැදීමට සිදුවෙයි. එම තරගයෙන් (Qualifier 2) ජයගන්නා කණ්ඩායමට අවසන් මහා තරගයට පිවිසීමට හැකිවේ.
ප්‍රසාද ලකුණු සටහන
තරග කාලසටහන