කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම පරාජය කර ඊයේ (14දා) රාත්‍රියේ පැවැති තරගයෙන් ලකුණු 05 ක තියුණු ජයක් ලැබීමට ලසිත් මාලිංග නියෝජනය කරන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත්විය.
පළමුව පන්දුවට පහරදුන් මුම්බායි කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ ලකුණු 171/4 ක් රැස්කිරීමට සමත්විය. පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ කොල්කටා කණ්ඩායමට එම පන්දුවාර සංඛ්‍යාව තුලදී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 166/6 ක් පමණි. මුම්බායිහි වන්කඩේ ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ වීරයා ලෙස මුම්බායි කණ්ඩායමේ හාදික් පැදියා සම්මාන දිනාගත්තේය.
සමස්ත තරග 56 ක් අන්තර්ගත ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 51 වැනි තරගය ලෙස මෙම තරගය පැවැත්විණි. මෙම ජයගග්රහණයත් සමඟ මුම්බායි කණ්ඩායම ප්‍රසද ලකුණු සටහනේ සිව්වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණි අතර, කොල්කටා කණ්ඩායමට එහි පෙරමුණ ගැනීමට තිබූ අවස්ථාව අහිමිවී ගියේය.
මුම්බායි ඉනිම/ කොල්කටා පන්දු යැවීම
කොල්කටා ඉනිම / මුම්බායි පන්දු යැවීම
ඊයේ (14දා) රාත්‍රිය වනවිට ප්‍රසාද ලකුණු සටහන