ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු විස්සයි20 නායක ලසිත් මාලිංගට මේ වසර අවසානයේදී එංගලන්තයේ පැවැත්වෙන ශූරයන්ගේ කුසලානය ක්‍රීඩා කළ හැකිවේවි යැයි ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ග්රැහැම් ෆෝඩ් පවසයි.
ඊයේ (17දා) ඔස්ට්‍රේලියාව හා පැවැති විස්සයි20 තරගය පිළිබඳව හා මාලිංග පිළිබඳව අදහස් දක්වමින් ෆෝඩ් මේ බව සඳහන් කරයි. තවදුරටත් අදහස් දැක්වූ ෆෝඩ් පවසන්නේ ඊයේ තරගයේදී මාලිංග කඩුලු ලබා ගන්නවා වෙනුවට ප්‍රතිවාදීන්ට ලකුණු ලබානොදීමට කටයුතු කළ බවයි.
එය සාර්ථක වූ බවත් ඊයේ තරගයේදි ශ්‍රී ලංකා පිතිකරුවන් සාර්ථක වූ බවත් ෆෝඩ් වැඩිදුරටත් පැවැසිය.