ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ විවාදයට තුඩුදුන් පුද්ගල ප්රකාශ හා විනය විරෝධි ක්රියා පිළිබඳව ශ්රී ලංකා ක්රිකට් ආයතනයට සම්බන්ධ ක්රීඩකයන්ට හා නිලධාරීන්ට එරෙහිව විනය පරීක්ෂණ හතරක් ආරම්භ කර තිබේ.
එහිදී ලසිත් මාලිංගට හා දිල්හාර ලොකුහෙට්ටිගේට එරෙහිව පවතින විනය පරීක්ෂණවලදී ඔවුන් දෙදෙනාට අවවාද කරන විනය පරීක්ෂණ අවසන් කිරිමට විනය කමිටුවේ් අවධානය යොමුව ඇති බව වාර්තාවෙයි.
ශ්රී ලංකා ක්රිකට් ආයතනය පත්කළ විශේෂ විනය කමිටුව ඉදිරියේ මෙම පරීක්ෂණ ක්රියාත්මක වෙන අතර කපිල විජේගුණවර්ධන, අනූෂ සමරනායක, ලසිත් මාලිංග හා දිල්හාර ලොකුහෙට්ටිගේ යන අයට එරෙහිව මෙම පරීක්ෂණ පැවැත්වෙයි.
මේ අතර කපිල විජේගුණවර්ධන හා අනූෂ සමරනායක සම්බන්ධයෙන් පැවැත්වෙන විනය පරීක්ෂණවලදී දැඩිව කටයුතු කිරීමට නිර්දේශ ඉදිරිපත් කර ඇතැයිද ඒ සඳහා වන සියලු සාක්ෂි ඉදිරිපත් කරන ලෙසද විනය කමිටුව ඉල්ලා ඇතැයි වාර්තා වේ.