ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට ක්‍රීඩා කරන ලසිත් මාලංග මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ක්‍රීඩා කළ තරග අඛණ්ඩවම ක්‍රීඩා නොකළේය.
තරගාවලියේ ඔහු ක්‍රීඩා කළ අවසන් තරග දෙකේදී මාලිංග දැඩි ප්‍රහාරයකට ලක්විය. ඒ හේතුවෙන් තම රිද්මය නැවත ලබාගන්නා තෙක් මාලිංග විවේක ගැනීමට තීරණය කර ඇති බව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ හර්බජාන් සිං ඊයේ (24දා) අනාවරණය කළේය.
මාලිංග පිළිබඳව අදහස් දක්වමින් හර්බජන් සඳහන් කළේ,
“ඒක ඔහුගේ තීරණයක්. ඔහු හිතනවා ඔහුට යම් විවේකයන් අවශ්‍ය බව. තම පන්දු යැවීමෙන් මගහැරුණු දෙයක් නැවත සකස්කර ගැනීමට මාලිංගට අවශ්‍ය වෙලා තිබෙනවා. ඔබ ඔහුට ගරුකළ යුතුයි. ඒ වගේම ඔහුට කාලය ලබාදිය යුතුයි. අපට දැන් ඔහුට විවේකයක් ලබාදිය හැකිය. මොකද කණ්ඩායමක් ලෙස අපි හොඳ තත්ත්වයක ඉන්නවා. මාලිංග අවශ්‍ය වූ වෙලාවට ඔහු සූදානම්ව සිටීවි. ඒ වගේම එය ඔහු උපරිමයෙන්ම කරාවි” යනුවෙනි.