මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම විසින් පළමුවරට ඉන්දීය ප්රිමියර් ලීග තරගාවලියේ වෙන්දේසිය සඳහා නිදහස් කළ ශ්රි ලංකාවේ ලසිත් මාලිංග අද (27දා) පැවැති වෙන්දේසියේදී පළමු වටයේදී අලෙවි නොවීය.
ඔහුට ඉන්දීය රුපියල් කොටියක මූලික මිලක් නියමව තිබුණත් කිසිඳු කණ්ඩායමක් එම මුදල ගෙවා මාලිංග මිලදී ගැනීමට ඉදිරිපත් නොවීය. මේ අතර රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම විසින් නිදහස් කළ බටහිර ඉන්දීය කොදෙව් ක්රීඩක ක්රිස් ගේල්ද මිලදී ගැනීමට කිසිවෙක් ඉදිරිපත් නොවීය.
ඔහුට ඉන්දීය රුපියල් කෝටි දෙකක මූලික මිලයක් නියමව තිබුණි.
එංගලන්ත කණ්ඩායමේ බෙන් ස්ටෝක්ස් ඉන්දීය රුපියල් කොටි 12.5කට අද රාජස්තාන් රෝයල්ස් කණ්ඩායම මිලට ගත් අතර එය මෙවර වෙන්දේසියේදී මේ දක්වා ක්රීඩකයෙක් අලෙවි වූ වැඩිම වටිනාකම වෙයි.