මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පරාජය කර අද (27දා) සවස සාජා ක්රීඩාංගණයේදී පැවැති තරගයෙන් කඩුලු 6ක ජයක් ලබාගැනීමට දිල්ලි ඩෙයාඩෙවිල්ස් කණ්ඩායම සමත් විය.
මෙය මෙවර ඉන්දීය ප්රිමියර් ලීග තරගාවලියේදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අඛණ්ඩවම ලැබූ සිවුවැනි පරාජයද වෙයි.
කාසියේ වාසිය දිනාගත් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම මුලින්ම පන්දුවට පහර දීමට තීරණය කළේය.
ඒ අනුව ඔවුන්ට නියමිත පන්දුවාර 20 තුළදී රැස්කර ගත හැකි වූයේ ලකුණු 125ක් පමණි. මුම්බායි කණ්ඩායමේ කිරන් පෙලාඩ් නොදැවී ලකුණු 33ක් රැස් කරමින් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ එකම ගැලවුම්කරුවා බවට පත්විය.
ලකුණු 126ක ජයග්රාහී ඉලක්කයක් හඹාගිය දිල්ලි කණ්ඩායම පන්දුවාර 18.5කදී කඩුලු 4ක් පමණක් වැයකර එම ඉලක්කය පසුකර ගියේය. ලසිත් මාලිංග විශිෂ්ට පන්දුයැවීමක නිරත වෙමින් මුම්බායි ඉනිම පාලනය කළත් එය ඔවුන්ගේ ජයග්රහණය සඳහා ප්රමාණවත් නොවුණි. තරගයේ වීරයා ලෙස මුරලි විජේ සම්මාන ලැබීය.
මුම්බායි 125/6 (පන්දුවාර 20)
කිරන් පොලාඩ් 33 (පන්දු 30, 4x2, 6x2)
චිදන්බරම් ගෞතම් 22 (පන්දු 18, 4x3)
ජයදේව් උනාඩ්කත් 2/29 (පන්දුවාර 4)
දිල්ලි 126/4 (පන්දුවාර 20)
මුරලි විජේ 40 (පන්දු 34, 4x4, 6x1)
කෙවින් පීටර්සන් 26* (පන්දු 18, 4x2, 6x1)
ලසිත් මාලිංග 2/17 (පන්දුවාර 4)
ඡායාරූපය BCCI ඇසුරෙනි.