ඉන්දීය ප්රිමියර් ලිග් පන්දුවාර විස්ස තරගාවලියේ සිය ජයග්රාහි ගමන් මග විවර කර ගනිමින් තමන් සහභාගි වූ පළමු තරගයෙන් කොල්කටා නයිට් රයිඩර්ස් පරදා කඩුළු 4 ක ජයක් වාර්තා කිරීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් විය. මුම්බායි හි වැන්කඩේ ක්රීඩාංගණයේදී පැවති තරගයේ ලකුණු 179 ක ජයග්රාහී ඉලක්කයක් හඹා ගිය මුම්බායි ක්රිඩකයෝ පන්දුවාර 19.5 කදී කඩුළු 6 ක් දැවී සිය ඉලක්කය පසු කර යාමට සමත් වූහ. මුම්බායි වෙනුවෙන් කැපී පෙනෙන ඉනිමක් ක්රීඩා කළ නිටිෂ් රානා පන්දු 29 කදී ලකුනු 50 ක් වාර්තා කිරිමට සමත් විය. ඒ හේතුවෙන් තරගයේ වීරයා සම්මානය ඔහුට හිමි විය.
තරගයේ කාසියේ වාසිය දිනූ මුම්බායි ඇරයුමින් පළමුව පන්දුවට පහර දුන් කොල්කටා ක්රීඩකයින් සිය පන්දුවාර 20 අවසනදී කඩුළු 7 කට ලකුණු 178 ක් වාර්තා කළහ. මෙම තරගයට මුම්බායි කණ්ඩායම නියෝජනය කරමින් පන්දු යැවූ ලසිත් මාලිංග කඩුළු දෙකක් බිඳ හෙලීය. කෙසේ වෙතත මුම්බායි කණ්ඩායමට ක්රීඩා කරන අනෙක් ක්රීඩකයා වූ අසේල ගුණරත්න මෙම තරගයට ක්රීඩා නොකලේය.