ක්‍රිකට් ක්‍රීඩාවෙන් මහේල ජයවර්ධන හා කුමාර් සංගක්කාර සමුගනිද්දී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට නැවත ක්‍රිකට් ගොඩනැංවීමට අපහසු වේ යැයි සිතූ නමුත්, වත්මන් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් ඇතුළු ක්‍රිකට් ක්‍රීඩකයන් ක්‍රිකට් ක්‍රීඩාව හොඳ තැනකට ගෙනත් තිබෙන බවත් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවැසීය. එම ආදර්ශය අනිත් ක්‍රීඩක ක්‍රීඩකයනුත් ගනු ඇති බවත් ඔහු සඳහන් කළේය.
එසේම රටපුරා පාසල් 10,000 කට ආසන්න ප්‍රමාණයක් තිබුණත් ක්‍රීඩාව දියුණු කිරීම සඳහා එහි පුහුණුකරුවන් (නිල පුහුණුකරුවන්) සිටිනුයේ 1400 ක් බවත් එවැනි පිරිසකගෙන් මෙරට ක්‍රීඩාවේ දියුණුවක් බලාපොරොත්තු විය නොහැකි බවත් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය.
තවද ඒ මහතා සඳහන් කළේ, සමහර පාසල්වල සමාජ අධ්‍යයනය විෂය උගන්වන ගුරුවරුන් පවා ක්‍රීඩා පුහුණුකරුවන් ලෙස කටයුතු බවයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ, කොළඹ නාවික හමුදා සෝමරත්න දිසානායක ශ්‍රවණාගාරයේදී පසුගියදා (29දා) පැවැති රාජ්‍ය සේවා දැල්පන්දු ශූරතා සම්මාන උලෙළේදීය.
මෙහිදී 2013-2014 වසරවලදී රාජ්‍ය සේවා දැල්පන්දුවෙන් දක්ෂතා දැක්වූ විශිෂ්ටයන්ට සම්මාන ප්රදානය කෙරුණු අතර, 2014 වසරේ ආසියානු දැල්පන්දු අනුශූරියන් වූ ශ්‍රී ලංකා ජාතික දැල්පන්දු කණ්ඩායමට හා එහි පුහුණුකරුවන්ටද උපහාර ප්රදානය කෙරිණි.
ඡායාරූපය ශමීර රාජපක්ෂ