ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය ජයග්‍රහණය කිරීමට අවශ්‍ය නම් ශ්‍රී ලංකා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ට ලකුණු අතරට පැමිණීමට ඉඩ ලබානොදිය යුතු බවද විශේෂයෙන් මහේල ජයවර්ධනට ලකුණු අතරට පැමිණීමට අවස්ථාව ලබානොදිය යුතු බවද පාකිස්ථානු කණ්ඩායමේ නායක මිස්බා උල් හක් පවසයි.
ශ්‍රී ලංකාව හා පාකිස්ථානය අතර පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලිය පිළිබඳව පාකිස්තානයේදී මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් ප්‍රකාශ කර තිබේ.
මෙම ටෙස්ට් තරගාවලිය මහේල ජයවර්ධන ක්‍රීඩා කරන අවසන් ටෙස්ට් තරගාවලියද වන අතර පාකිස්තානු කණ්ඩායමක් 2006 වසරෙන් පසුව ශ්‍රී ලංකාවේදී ටෙස්ට් තරගාවලියක් ජයග්‍රහණය කර නොමැත.