පිට පිටම දෙවැනි වරටත් අන්තර්සමාජ රග්බි ලීග් ශූරතාව තමන් සතුකර ගැනීමට මහනුවර කණ්ඩායම සමත් විය. ඒ තරගාවලියේ ඊයේ (20දා) වැලිසරදී නාවික හමුදාව සමගින් පැවති තරගයෙන් ලකුණු 19-08 ක් ලෙසින් ජය ගනිමිනි. ඒ අනුව ප්රසාද ලකුණු සටහනේ තව දුරටත් සිය ප්රථමස්ථානය තහවුරු කරගනිමින් මහනුවර ශූරතාව සඳහා හිමිකම් කීවේය.
තරගයේ පළමු අර්ධය අවසන් වනවිටදීද මහනුවර කණ්ඩායම ලකුණු 19-03 ක් ලෙසින් ඉදිරියෙන් සිටීමට සමත් විය.
ජයග්රාහී මහනුවර ක්රීඩකයන් ගෝල දිනුම් දෙකක් හා උත්සාහක දිනුමක් ආධාරයෙන් ලකුණු රැස්කළ අතර, එක් ගෝල දිනුමක් හා දඬුවම් පහරක් නාවික හමුදා කණ්ඩායමේ ලකුණු පුවරුවේ ක්රියාකාරීත්වය වෙනුවෙන් වැයවිය.
මේ අතර ඊයේ පැවති තරගයකින් සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. පරදා ලකුණු 26-21 ක් ලෙසින් ජය හිමිකර ගත් හැව්ලොක්ස් ක්රීඩකයෝ, තරගාවලියේ දෙවැනි ස්ථානය හිමිකර ගැනීමට සමත් වූහ.