මලික් ටෙස්ට් පිටියට සමුදෙයි
(GRAPHIC) පාකිස්තානු ටෙස්ට් කණ්ඩායමට වසර පහකට පසු කැඳවූ තුන් ඉරියව් ක්‍රීඩක ෂොයිබ් මලික් ටෙස්ට් තරග 3 කට පමණක් සහභාගිවීමෙන් අනතුරුව අද (05දා) නිමාවට පත්වන පාකිස්තානු එංගලන්ත ටෙස්ට් තරගයෙන් ජාත්‍යන්තර ටෙස්ට් පිටියට සමුදීමට තීරණය කර තිබේ. 33 හැවිරිදි මලික්ගේ ක්ෂණික තීරණය පාකිස්තානු ක්‍රිකට් බලධාරීන් හා ක්‍රීඩකයන් පවා මවිත කර ඇතැයි වාර්තාවේ. ඊට හේතුව වනුයේ මලික් මේ වනවිට පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද උපරිම දස්කම් දක්වමින් සිටින හෙයිනි. “මෙය මාගේ අවසන් ටෙස්ට් තරගයයි. මම ස්තුතිවන්ත වෙනවා මගේ පවුලේ සාමාජිකයන්ට, පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලයට හා ක්‍රීඩකයන්ට ඔවුන් මට දැක්වූ සහයෝගයට. මගේ සමුගැනීමෙන් තරුණ ක්‍රීඩකයන්ට ටෙස්ට් කණ්ඩායමට ඇතුළු වීමේ අවස්ථාව නිර්මාණය වනු ඇතැයි මා විශ්වාස කරනවා. මගේ පූර්ණකාලීන අවධානය 2019 පැවැත්වෙන ලෝක කුසලානයට යොමු කිරීමට බලාපොරොත්තු වෙනවා * යැයි මලික් විදෙස් මාධ්‍යයට පවසා තිබේ. 2010 න් පසු වසර 5 ක් ඉක්ම යද්දී කණ්ඩායමට එක්වූ මලික් තමා සහභාගි වූ පළමු ටෙස්ට් තරගයේදීම එංගලන්තයට එරෙහිව ලකුණු 245 ක් ලැබීමට සමත්විය.
ග්‍රැෆික් නිර්මාණය - මංජු ප්‍රදීප් කුමාර
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

