මලල ක්‍රීඩා ක්ෂේත්රයේ සිදුවූ හොරකම් වංචා හා ක්‍රීඩකයන්ට වූ අසාධාරණකම් පිළිබඳව ඉදිරියේදී මාධ්‍යයට හෙළිකරන බව ඌව පළාත් සභා ප්‍රධාන අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.
මහ ඇමතිවරයා මලල ක්‍රීඩා සංගමයේ නිලවරණයේදී සභාපති තනතුර සඳහා තරග වැදීමට නියමිත අතර, ඒ පිළිබඳව අද කළ විමසුමකට ප්‍රතිචාර දක්වමින් ඔහු මෙම අදහස් දැක්වීය.
"පසුගිය කාලයේ (මලල ක්‍රීඩාවේ) වෙලා තියෙන හොරකම්, වංචා සියලු දේ හෙළි කරන්නත් බලාගෙන ඉන්නවා. ඒ වගේම පසුගිය කාලයේ ක්‍රීඩකයන්ට වුණ අසාධාරණයක් ගැනත් මාධ්‍යයට කරුණු හෙළි කරන්න බලාගෙන ඉන්නවා." යැයි ප්‍රධාන අමාත්‍යවරයා සඳහන් කළේය.
පසුගිය රජයේ දේශපාලඥයන්ද විවිධ ක්‍රීඩා සංගම්හි නිලතල හෙබවූ අතර, ඔවුන්ගේ සේවය පිළිබඳව ක්‍රීඩාවට සම්බන්ධ පුද්ගලයන්ගේ නොසතුටට හේතුවී තිබේ. එවැනි තත්ත්වයක් තිබියදී නිලවරණයට ඉදිරිපත්වීම පිළිබඳව 'අද කළ විමසුමකදී මහ ඇමතිවරයා සඳහන් කළේ, නව ආණ්ඩුව පැමිණ තිබෙන්නේ වෙනසක් කිරීමට බවත්, පසුගිය රජය කළ දේවල්වලින් ඵලක් නොමැති බවත්ය.
එසේම තමන්ට මෙම තනතුරට තරග වැදීමට අවශ්‍ය අවසරය ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් ලැබුණ බවත්, ඉදිරියේදී පක්ෂය හා මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවත් ඔහු සඳහන් කළේය.
තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ඉල්ලීම අනුව නිලවරණයට ඉදිරිපත්වූ බවත්, ඒ සියලු කරුණු අලළා සම්පූර්ණ විස්තරයක් මාධ්‍ය හමුවේදී සඳහන් කරන බවත් මහ ඇමතිවරයා පවැසීය. මෙම නිලවරණය සඳහා ඉදිරිපත් වීමට තමන්ට ඇති එකම නුසුදුසුකම දේශපාලනය වුවත්, තමන් ක්‍රීඩාවට මහත් සේ ආදරය කරන බවද හරින් ප්‍රනාන්දු මහතා පැවසීය.
"මේකට මගේ තිබෙන එකම නුසුදුසුකම මම දේශපාලඥයෙක් වීම. නමුත් මම ක්‍රීඩාවට බොහොම ළැදි කෙනෙක්. ක්‍රීඩාවට ආදරේ කෙනෙක්. ක්‍රීඩාව ගැන පුදුම උනන්දුවෙන් බලන කෙනෙක්.
තරුණයන්ගේ ඉල්ලීමට පුද්ගලිකව ඉදිරිපත් වුණා මිසක වෙන යටි අරමුණක් මේ සම්බන්ධයෙන් නෑ. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සම්පූර්ණයෙන්ම විස්තරයක් හෙට අනිද්දට මාධ්‍යයට කරනවා." යැයි මහ ඇමතිවරයා පැවසීය.
ශ්‍රී ලංකා හිටපු මලල ක්‍රීඩකයෙකු වන සුගත් තිලකරත්න මහතාද මෙවර නිලවරණය සඳහා තරග කරන අතර, ඒ පිළිබඳවද මහ ඇමතිවරයා අදහස් දැක්වීය.
" මේ වෙනකොටත් අපට තිබෙන එකම කනගාටුව සුගත් තිලකරත්න මහත්මයා. ඔහු එන එක කිසිම ගැටලුවක් නෑ. නමුත් සුගත් තිලකරත්න මැතිතුමා ඉදිරිපත් කරන්නෙ හිටපු සභාපතිතුමා. ඒකයි අපි දකින එකම අවාසනාව. මලල ක්‍රීඩාවට කිසිවක් නොකරපු ඒ සභාපතිතුමාගේ අනුග්‍රහය තුළින් සුගත් තිලකරත්න ඉදිරිපත් වෙලා තියෙන්නෙ. ඒ නිසයි අනිත් අයගේ ඉල්ලීම වුණේ මට මේකට ඉල්ලන්න කියලා." යැයි හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.