ක්‍රිකට් ආයතුනයට අතුරු කමිටවක් දැම්මේ කෙටිකාලීනව බවත්, ක්‍රිකට් ආයතනයේ පවතින වංචා, දූෂණ හා අක්රමිකතාට එරෙහිව කටයුතු කිරීමෙන් පසුව නිලවරණයක් පවත්වන බවත් සංචාරක හා ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතා පැවැසිය.
සංචාරක හා ක්‍රීඩා අමාත්‍යාංශයේ සිදුව ඇතැයි කියන අක්‍රමිකතා පිළිබඳව සකස්කළ වාර්තාව අගැමැතිට පිළිගැන්වීමෙන් අනතුරුව ඊයේ (24දා) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.
එසේම අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය හා ඇතිව තිබෙන ගැටලු කාරී තත්ත්වය තමන් බේරාගන්නා බවත්, පසුගිය කාලසීමාවේත් අතුරු කමිටු පැවැතිය බවත් ඔහු සඳහන් කළේය.