ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයට ඉදිරිපත්වීම තහනම් කළ අපෙක්ෂකයන් පස් දෙනෙකුට තිබූ එම බාධා ඉවත්කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (31දා) කටයුතු කළේය. ඒ අනුව තිලංග සුමතිපාල පාර්ශ්වයේ කේ. මතිවානන් හා නිශාන්ත රණතුංග පාර්ශ්වයේ අසංග සෙනෙවිරත්න, නිහාල් ලෙව්කේ, සුජීව ලොකුහේවා හා ඊෂ්මන් නාරාංගොඩට මෙවර නිලවරණයට ඉදිරිපත්වීමේ අවස්ථාව ලැබුණි. කේ. මතිවානන් හා අසංග සෙනෙවිරත්න ක්‍රිකට් උපසභාපති තනතුර සඳහා තරග කරනු ලබති.