දෝහා කටාර්හි නිමාව දුටු හත්වැනි ආසියානු ගෘහස්ථ මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාව රිදී පදක්කමක් හා ලෝකඩ පදක්කමක් හිමිකරගනිමින් සමස්ත තරගාවලියේ 11 වැනි ස්ථානය (වියට්නාමය හා සමව) දිනාගැනීම සමත්විය.
මීටර් 800 කාන්තා ඉසව්ව නියෝජනය කළ ශ්‍රී ලංකා මැදිදුර දිවීමේ ක්‍රීඩිකා නිමාලි ලියන ආරච්ච්චි එහි රිදී පදක්කම දිනාගත් අතර, දකුණු ආසියානු ක්‍රීඩා උලෙළේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දැරූ මංජුල කුමාර උස පැනීමේ ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත්විය.
තරගාවලියේදී රන් පදක්කම් හයක්, රිදී පදක්කමක් හා ලෝකඩ පදක්කම් තුනක් දිනාගත් සත්කාරක කටාර් රාජ්‍යය පදක්කම් සටහනේ පෙරමුණ ගැනීමට සමත්විය.
ඉන්දීය කණ්ඩායම රන් පදක්කමක්, රිදී හා ලෝකඩ පදක්කම් තුන බැගින් ලබාගනිමින් තරගාවලියේ අටවැනි ස්ථානය දිනාගැනීමට සමත්විය.