ඔලිම්පික් තරගාවලියේ බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගත් ඡායාරූපයක් බවට උසේන් බෝල්ට් මීටර් 100 අවසන් පූර්ව තරගයට එක්ව සිටින අවස්ථාවේදී සිය තරගකරුවන් පසුකර යන විට ඔවුන් දෙස බලා 'සමච්චල් සිනහවක්' දමන අයුරු දැක්වෙන ඡායාරූපය හැඳින්විය හැකිය. මුලදී මෙම ඡායාරූපය ලබාගත් පුද්ගලයා කවුරුන්ද යන්න පිළිබඳව හෙළිදරව් නොවුණි.
කෙසේ වෙතත් මේ පිළිබඳව කෙරුණු අඛණ්ඩ සොයාගැනීමකින් පසුව එම ඡායාරූපයේ ඇත්ත කතාව අණාවරණය වී තිබේ. එම ඡායාරූපය එකක් නොව දෙකකි. ගෙටි ඉමේජස් ඡායාරූප ශිල්පියෙකු හා රොයිටර්ස් ඡායාරූප ශිල්පියෙකු මෙම ඡායාරූප දෙක ගෙන තිබුණි.
කැමරන් සිෆෙන්සර් (ගෙටි ඡායාරූප මාධ්‍යවේදියා ලබාගත් ඡායාරූපය)
කායි ෆැෆෙන්බැච් (රොයිටර් ඡායාරූප මාධ්‍යවේදියා ලබාගත් ඡායාරූපය)
කායි (වමේ සිට දෙවැනියා)/ කැමරන් (වමේ සිට තෙවැනියා) අවසන් පූර්ව තරගයේ ඡායාරූප කරණයේ යෙදෙමින්)