සමස්ත ඉන්දියාවේම ගෞරවය බේරාගත් හාදික් පාණ්ඩ්‍යාගේ විශිෂ්ට පන්දු යැවීම හේතුවෙන් බංග්ලාදේශයට පෙනි පෙනී තිබූ ජය උදුරාගත් ඉන්දීය කණ්ඩායම බැංගලෝර්හි ඊයේ (23දා) රාත්‍රියේ පැවති දෙවැනි කොටසේ (Group 2) තරගයකින් එක් ලකුණක තියුණු ජයක් ලැබීමට සමත්විය.
මෙම ජයග්‍රහණයත් සමඟ අවසන් පූර්ව වටයේ බලාපොරොත්තු තව දුරටත් රඳවා ගැනීමට ඉන්දීය කණ්ඩායමට හැකිවූ අතර, බංග්ලාදේශයට තරගාවලියෙන් ඉවත්ව යාම තවදුරටත් ඉක්මන් විය. මෙය දෙරට අතර පැවති 05 වැනි විස්සයි20 තරගය වූ අතර, එම කිසිඳු තරගයක් ජයගැනීමට බංග්ලාදේශට මෙතෙක් හැකිවී නැත.
ඉන්දීය කණ්ඩායමෙන් එල්ල වූ ලකුණු 147 ක ඉලක්කයට පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ බංග්ලාදේශ කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 09 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 146 ක් පමණි.
තමිමි ඉක්බාල් (35), සබීර් රහ්මාන් (26), සෞම්‍ය සර්කාර් (21), ශකිබ් අල් හසන් (22) ආදි ලෙස ඉදිරිපෙළ පිතිකරුවන් මෙන්ම පසුපෙළ පිතිකරුවන්ද ජයග්‍රහණය බංග්ලාදේශය දෙසට හරවා ගැනීමට හැකි සෑම උත්සහක් දැරුවද, අවසන් පන්දුවාරයේදී ඔවුන්ගෙන් සිය ඉවසිලිවන්ත පිතිහරඹය ඉවත්ව යාම හේතුවෙන් ජයග්රණයකින් අවසන්කිරිමට තිබූ තරගය අවසානයේ පරාජයේ වේදනාවෙන් විඳදරා ගැනීමට බංග්ලාදේශයට සිදුවිය.
<