24 වැනි වරටත් ශ්‍රී ලංකා බිලියඩ් ජාතික ශූරතාව තමන් සතු කරගැනීමට වරාය අධිකාරියේ කේ.එච්. සිරිසෝම සමත් විය. ඒ තරගාවලියේ අද (02දා) පැවැති 64 වැනි ජාතික ශූරතා බිලියඩ් තරගාවලියේ අවසන් තරගයේදී යුද හමුදාවේ එස්.එච්.එම්. අස්ලම් තරග වට 6-1 ක් ලෙස පරාජයට පත් කරමිනි.
තරග වට 11 කින් සමන්විත වූ අවසන් තරගය තරග වට 7 ක් තුළදී අවසන් කිරීමට සිරිසෝම සමත්වීම කැපී පෙනුණු අතර තරගයේ අවසන් ලකුණු තත්වය 100/91, 100/51, 102/96, 103/88, 70/100, 100/85, 101/83 ක් ලෙසින් දැක්විණි. සිරිසෝම විසින් මෙම ශූරතාව අඛණ්ඩව ජයගත් 4 වැනි වතාව මෙය විය.
තරගාවලිය සඳහා ක්‍රීඩා සමාජ 15 ක් නියෝජනය කරමින් ක්‍රීඩකයන් 150 කට ආසන්න සංඛ්‍යාවක් සහභාගි වී සිටියහ.
තරගාවලියේ ජයග්‍රාහකයන් සදහා ත්‍යාග ප්රදානය ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
ශූරතාව හිමි කරගත් කේ.එච්. සිරිසෝම
අනුශූරතාව හිමි කර ගත් එම්.එච්.එම්. අස්ලම්
ඡායාරූප - ශමීර රාජපක්ෂ