බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ඩ්වේන් බ්රාවෝ ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබේ. කෙසේ වෙතත් ඔහු සීමිත පන්දුවාර තරගවලදී තවදුරටත් කොදෙව් කණ්ඩායම නියෝජනය කරනු ඇත.
කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලය හා කොදෙව් ක්‍රීඩකයන් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් ඩ්වෙන් බ්‍රාවෝට කොදෙව් කණ්ඩායමේ නායකත්වය මෙන්ම එළැඹෙන එක්දින ලෝක කුසලාන තරගාවලියද අහිමිවී තිබේ.
කෙසේ වෙතත් බ්‍රාවෝට කොදෙව් ක්‍රිකට් ආයතනයේ මධ්‍යම ගිවිසුම පිරිනමා ඇති තිබෙන අතර ඔහු දකුණු අප්‍රිකා කණ්ඩායම හා පැවැති විස්සයි 20 තරගාවලියට ක්‍රීඩා කරනු ලැබීය.
බ්රාවෝ අවසන්වරට කොදෙව් කණ්ඩායම හා ටෙස්ට් තරගයකට එක්ව ඇත්තේ 2010 වසරේදීය. සිය තීරණය පිළිබඳව අදහස් දක්වමින් ඔහු පැවැසුවේ ටෙස්ට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනිමට ගත් තීරණය ඉතාමත් අපහසු තීරණයක් වූ බවයි.
ටෙස්ට් තරග 40කදී කොදෙව් කණ්ඩායම නියෝජනය කර තිබෙන බ්රාවෝ ලකුණු 2200ක් රැස්කර තිබෙන අතර එයට ශතක තුනක් හා අර්ධ ශතක 13ක් ඇතුළත් වෙයි. තරග 40කදී ඔහු බිඳහෙළා ඇති කඩුලු ප්‍රමාණය 86ක්වන අතර එයට කඩුලු පහ බැගින් දවාගත් අවස්ථා දෙකක් ඇතුළත්වෙයි.