ටෙස්ට් තරගයකදී බංග්ලාදේශ ආරම්භක පිතිකරුවන් දෙදෙනෙකු විසින් ශ්‍රී ලංකාවට එරෙහිව පළමු කඩුල්ල වෙනුවෙන් පැවැත්වූ වැඩිම සබඳතාවට හිමි වාර්තාව අද (08දා) පිහිටවනු ලැබීය. සෞම්‍ය සර්කාර් හා තමීන් ඉක්බාල් අද දිනයේදී පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 118ක සබඳතාවක් පිහිටුවීමට සමත්විය. ඒ අනුව ඔවුන් දෙදොන විසින් බිඳ දමනු ලැබුවේ තමීම් ඉක්බාල් 2013 වසරේදී ජහුරුල් ඉස්ලාම් සමගින් පළමු කඩුල්ලට ලකුණු 91ක සබඳතාවක් පවත්වමින් තිබූ වාර්තාවයි.