ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය නිමාවන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින බංග්ලාදේශ කණ්ඩායම කඩුලු දෙකක් දැවී 133ක් රැස්කරගෙ සිටිය.
ඒ අනුව ශ්‍රී ලංකාව පළමු ඉනිමට රැස්කළ ලකුණු 494ට තවත් ලකුණු 361ක් පසුපසින් සිටිමින් බංග්ලාදේශය හෙට (09දා) නැවතත් සිය ඉනිම ආරම්භ කිරීමට නිමිතය.
ආරම්භක පිතිකරුවන් වූ සෞම්‍ය සර්කාර් හා තමීම් ඉක්බාල් පළමු කඩුල්ලට ලකුණු 118ක සාර්ථක සබඳතාවක් පැවැත්වීය. එය ශ්‍රී ලංකාව වෙනුවෙන් බංගල්ලාදේශ පිතිකරුවන් ටෙස්ට් තරගයකදී පළමු කඩුල්ල වෙනුවෙන් පැවැත්වූ ඉහළම සබඳතාවය වෙයි.
ආරම්භක පිතිකරු තමීම් ඉක්බාල් ලකුණු 66ක් හා නායක මුෂ්ෆිකාර් රහීම් එක් ලකුණක් ලබාගනිමින් නොදැවී පිටියේ රැඳී සිටිති.