බංග්ලාදේශය තවත් ලකුණු 166ක් පසුපසින්
සංචාරක ශ්රී ලංකා කණ්ඩායම හා සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම අතර මීර්පූර්හි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ සිය පළමු ඉනිම ක්රීඩා කරමින් සිටින බංග්ලාදේශ කණ්ඩායම පළමු දිනයට තරගය නිමා කරන විට කඩුලු 4ට ලකුණු 56ක් රැස්කරගෙන සිටියි.
ලිටන් ඩාස් (24) මෙහෙදි හසන් (5) නොදැවී පන්දුවට පහරදෙමින් සිටිති. කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට සියලු දෙනා දැවී රැස්කළේ ලකුණු 222ක් පමණි.
කුසල් මෙන්ඩිස් හා ෂොහාන් සිල්වා අර්ධ ශතක රැස්කරමින් ශ්රී ලංකා ඉනිම ඉනිම ශක්තිමත් කළහ. බංග්ලාදේශය වෙනුවෙන් සාර්ථක පන්දු යැවීමක නිරත වූ තයිජුල් ඉස්ලාම් හා අබ්දුර් රසාක් කඩුලු 4 බැගින් දවාගත්හ.
පිළතුරු ඉනිම ක්රීඩා කළ බංග්ලාදේශ කණ්ඩායමේ බිඳ වැටුණු කඩුලු හතරෙන් දෙකක් සුරංග ග්මාල් දවාගත්තේය.
බංග්ලාදේ්ය තවත් ලකුණු 166ක් පසුපසින් සිටිනේ කඩුලු හයක් අතැතිවය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.


