ශ්‍රී ලංකා කණ්ඩායම සමග ශ්‍රී ලංකාවේදී හෝ බංග්ලාදේශයේදී ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීම පිළිබඳව බංග්ලාදේශයේ අවධානය යොමුව ඇතැයි වාර්තා වෙයි.
අප්‍රේල් මාසයේදී පැවැත්වීමට නියමිත මෙම තරගාවලියට එක්දින හා ටෙස්ට් තරග පමණක් ඇතුළත් කිරීමටයි බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය අවධානය යොමු කර ඇත්තේ.
අප්‍රේල් මාසයේදී කණ්ඩායම් දෙකටම ජාත්‍යන්තර පිටියේ තරග නොමැත. මේ පිළිබඳව වන සාකච්ඡා මූලික මට්ටමින් සිදුව ඇති බවද වාර්තා වෙයි.
ඩකා ට්‍රිබියුන් ඇසුරෙනි