ශහිඩ් අෆ්රිඩ්ගේ තුන් ඉරියව් දක්ෂතා හේතුවෙන් විස්සයි20 ලෝක කුසලානයේ පාකිස්තානය සහභාගී වූ පළමු තරගයෙන් බංග්ලාදේශය පරදවා ලකුණු 55ක ජයක් ලැබීමට පාකිස්තානු කණ්ඩායම සමත්විය.
කාසියේ වාසිය දිනා පළමු පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩාම පන්දුවාර 20 අවසානයේ කඩුලු 05 කට ලකුණු 201 ක් රැස්කිරීමට සමත්විය. මෙය පාකිස්තානු කණ්ඩායමක් ජාත්‍යන්තර විස්සයි20 තරග බිමේ ක්‍රීඩාකළ දෙවැනි ඉහළම ඉනිම වන අතර, මෙහි ඉහළම ඉනිමද (203/5) ඔවුන් මීට වසර 08කට පෙර (2008) බංග්ලාදේශයටම එරෙහිව ක්‍රීඩාකර ඇත. ඊට අමතරව මෙය කොල්කටා ක්‍රීඩාංගණයේ කණ්ඩායමක් රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාවද වේ.
ඉනිම දැවන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන ගිය අහමඩ් ශෙහසාද් (52), මොහොමඩ් හෆීස් (64) අර්ධ ශතක රැස්කරමින් දක්ෂතා දැක්වූ අතර, නායක ෂහිඩ් අෆ්රිඩි පන්දු 19කදී වේගවත් ලකුණු 49 ක් රැස්කිරීමට සමත්විය. බංග්ලාදේශය වෙනුවෙන් ටස්කින් අහමඩ් හා අර්ෆාට් සනි කඩුලු 02 බැගින් දවාළූහ.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශයට නියමිත පන්දුවාර 20 තුළදී කඩුලු 06 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 146ක් පමණි. හුදෙකලා ඉනිමක් ක්‍රීඩා කළ ශකීබ් අල් හසන් නොදැවී ලකුණු 50 රැස්කිරීමට සමත්විය. බංග්ලාදේශ ඉනිමට ආරම්භයේ සිටම දැඩි පීඩනයක් එල්ල කිරීමට පාකිස්තානු පන්දු යවන්නන් සමත් වූ අතර, ඉනිමේ තෙවැනි පන්දුවේදීම සෞම්‍ය සර්කාර් ලකුණු නොලබා ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට මොහොමඩ් අමීර් සමත්විය. කෙසේ වෙතත් සංයමයෙන් යුතුව ඉනිම ගොඩනගමින් සිටි සබීර් රෙහෙමාන් (25) හා තමීම් ඉක්බාල් (24) දවාගැනීමට ශහීඩ් අෆ්රිඩි සමත් වීමත් සමග බංග්ලාදේශයේ බලාපොරොත්තුව දුරස් විය. තරගයේ වීරයා ලෙස පාකිස්තානු නායක ශහීඩ් අෆ්රිඩි සම්මාන දිනාගත්තේය.
පාකිස්තානය 201/5 (පන්දුවාර 20)
සාර්ජිල් ඛාන් 18 (10, 4x1, 6x2), අහමඩ් ශෙහසාද් 52 (39, 4x8), මොහොමඩ් හෆීස් 64 (42, 4x7, 6x2), ෂහිඩ් අෆ්රිඩි 49 (19, 4x4, 6x4), උමර් අක්මාල් 0 (2), ෂොයිබ් මලික් නොදැවී 15 (9, 4x2), ඉමාද් වසිම් නොදැවී 0 (0), ටස්කින් අහමඩ් 2/32 (4), අර්ෆාට් සනී 2/34 (4), සබීර් රහ්මාන් 1/11 (2)
බංග්ලාදේශය 146/6 (පන්දුවාර 20)
ශකීබ් අල් හසන් 50*(පන්දු 40, 4x5 6x1), සබීර් රෙහෙමාන් 25 (පන්දු 19 4x5), ශහිඩ් අෆ්රිඩි 2/27 (පන්දුවාර 4)
,මොහොමඩ් අමීර් 2 /27 (පන්දුවාර 4)