ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ හතරවැනි සතියේ දෙවැනි තරගයෙන් පොලිස් කණ්ඩායමට පහසු ජයක්
ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ හතරවැනි සතියේ දෙවැනි තරගයෙන් යුද හමුදා කණ්ඩායම පරදා ලකුණු 27 – 18 ක ජයක් ලැබීමට පොලිස් කණ්ඩායම සමත් විය.
කොළඹ තුරඟ තරග පිටියේදී පැවැති මෙම තරගයේදී පළමු අර්ධයේ ලකුණු 17-15 ක් ලෙසින් ඉදිරියෙන් සිටීමට පොලිස් ක්රීඩකයෝ සමත් වූහ.
පොලිස් කණ්ඩායම ගෝල දිනුම් 2 ක්, උත්සාහක දිනුම් 2 ක් හා දඬුවම් පහර මගින්ද යුද හමුදාව ගෝල දිනුමක්, උත්සාහක හා දඬුවම් පහර 2 ක් මගින්ද සිය ලකුණු රැස්කළේය.
කෙසේ නමුත් මෙම තරගාවලියේ පළමු වටයේ පැවති තරගයකින් පොලිස් කණ්ඩායම යුද හමුදාව හමුවේ පරාජයට පත්වීම විශේෂත්වයකි.
ඡායාරූප ඒෂාන් ප්රනාන්දු