පසුගිය වර අනුශූරයන් වූ පොලිස් කණ්ඩායම මෙවර තරගාවලියේ පළමු වටයෙන්ම ඉවතට විසි කරමින් මෙවර ක්ලිෆර්ඩ් කුසලාන රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමට නාවික හමුදාව සමත් විය.
ඒ කොළඹ තුරඟ තරග පිටියේදී පැවති තරගයෙන් පොලිස් කණ්ඩායම පරදා ලකුණු 19-10 ක ජයක් හිමිකර ගනිමිනි.
තරගයේ පළමු අර්ධයේදී තියුණු තරගයක් පැවතුණු අතර, එය අවසන් වූයේ ලකුණු 11-10 ක් ලෙසින් නාවික හමුදාව ඉදිරියෙන් සිටිමිනි.
ජයග්රාහී නාවික හමුදාව උත්සාහක දිනුම් දෙකක් හා දඬුවම් පහර තුනක් ආධාරයෙන්ද, පොලිස් කණ්ඩායම ගෝල දිනුමක් හා දඬුවම් පහරක් ආධාරයෙන්ද සිය ලකුණු රැස්කළේය.
මේ අනුව නාවික හමුදාව තරගාවලියේ අවසන් පූර්ව වටයේදී මහනුවර කණ්ඩායම සමගින් මහනුවර පල්ලෙකැලේ පිටියේදී හමුවීමට නියමිතය.
ඡායාරූප-ඉසුරු පෙරේරා