ඔස්ට්‍රේලියාවේ ගෝල්ඩ්කෝස්ට් නුවරදී පසුගියදා (15දා) නිමා වූ 21 වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පදක්කම් ලාභී සියලු ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිගැනීමේ උත්සවයක් ක්‍රීඩා අමාත්‍යාංශයේදී අද (19දා) පැවැත්විණි.
මෙවර පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 05ක් සමගින් පදක්කම් 06ක් දිනාගනිමින් සමස්ත තරගාවලියේ 31 වැනි ස්ථානය දිනාගැනීමට සමත්විය. මෙය පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා ඉතිහාසයේ ශ්‍රී ලංකාව දිනූ වැඩිම පදක්කම් සංඛ්‍යාව ලෙසද ඉතිහාසයට එක්විය.
ඒ අනුව බර ඉසිලීමෙන් පදක්කම් දිනූ ඉන්දික දිසානායක (රිදී), චතුරංග ලක්මාල්, හංසනී ගෝමස් මෙන්ම බොක්සිං ඉසව්වෙන් පදක්කම් දිනූ අනූෂා කොඩිතුවක්කු, ඉශාන් බණ්ඩාර හා තිවංක රණසිංහ මෙහිදී ඇගයීමට ලක්විය.
මෙම වසර ආරම්භයේදී හිටපු ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා විසින් ජාත්‍යන්තර තරග සඳහා ඉදිරිපත් වී පදක්කම් ජයග්‍රහණය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ක්‍රීඩා ශක්ති අරමුදලෙන් ලබාදෙන ත්‍යග මුදල් වැඩිකළ අතර, ඒ වෙනුවෙන් ත්‍යාග ලිපි ලබාදීම අද (19දා) සිදුකෙරිණි.
මෙම අවස්ථාවට නව ක්‍රීඩා අමාත්‍ය (තාවකාලික) පළාත් සභා හා පළාත් පාලන අමත්‍ය ෆයිසර් මුස්තාෆා, හිටපු ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් බුවනෙක හේරත්, ඔලිම්පික් රිදී පදක්කම් ලාභි සුසන්තිකා ජයසිංහ යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් සහභාගි වූහ.
මෙම උත්සවය හා සමගාමීව නව ක්‍රීඩා අමාත්‍යවරයා ක්‍රීඩා අමාත්‍යාංශයේ රාජකාරි කටයුතු භාර ගැනීමද සිදු වූ අතර, ඒ සඳහා මෙරට තිබෙන බහුතර ක්‍රීඩා සංගම් නියෝජනය කරමින් එම සංගම්හි සමාජිකයෝද සහභාගි වූහ.
ඡායාරූප- ඉසුරු ෙපර්රා