ශ්‍රී ලංකා කණ්ඩායමේ හිස්ව ඇති ප්‍රධාන පුහුණුකරු තනතුර තෝරා ගැනීමේ අවසන් තීරණය ලබන සඳුදා දිනයේදී ගැනීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතා සඳහන් කළේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මෙම අදහස් පළ කළ ඒ මහතා ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු තනතුරේ වැඩි වගකීමක් වර්තමාන පිතිකරණ පුහුණුකරු මාවන් අතපත්තුට භාර දීමට බලාපොරොත්තු වන බවද එහිදී සඳහන් කළේය.