මිනී මරුම් චෝදනාවෙන් නිදහස් වුවත් සාපරාධී මනුෂ්‍ය ඝාතයක් සිදු කිරීමේ චෝදනා යටතේ වැරදිකරු බවට පත්ව සිටින පැරාලිම්පික් ක්‍රීඩක ඔස්කා පිස්ටොරියස්ට 2016 වසරේ පැවැත්වෙන පැරාලිම්පික් තරගාවලිය සඳහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමිවනු ඇති බව වාර්තා වෙයි.
අන්තර්ජාතික පැරාලිම්පික් කමිටුව සඳහන් කරන්නේ තරගාවලිය පැවැත්වෙන කාලසිමාව වන විට ඔහු සිරගත කර නොසිටියහොත් පිස්ටෝරියස්ට පැරාලිම්පික් තරගාවලිය සඳහා ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමිවනු ඇති බවයි.