සිය පෙම්වතිය මරා දැමීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ දකුණු අප්‍රිකානු පැරාලිම්පික් ශූර ඔස්කා පිස්ටොරියස් නැවත වරක් අද (13දා) අධිකරණය වෙත කැඳවා ඇත. ඒ අදාළ ඝාතනය සම්බන්ධයෙන් දඬුවම් ලබාදීමටය.
පසුගියදා දකුණු අප්‍රිකානු අධිකරණය තීන්දු කළේ පිස්ටොරියස් අතින් මනුෂ්‍ය ඝාතනයක් සිදුවුවද එය සාපරිධී නොවන මනුෂ්‍ය ඝාතනයක් බවයි. දකුණු අප්‍රිකානු නීතිය යටතේ මේ සම්බන්ධයෙන් ප්‍රිස්ටෝරියස්ට වසර 15 ක සිරදඬුවමක් නියමවිය හැකි වුවත් එය දඬයක් බවටද පරිවර්තනය කිරීමට හැකිබව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.
කෙසේ නමුත් මේ පිළිබඳව ඝාතනයට ලක්වූ ඊවාගේ මව්පියන් ප්‍රකාශ කරනුයේ තමන්ට තවමත් සාධාරණය ඉටු නොවූ බවයි.