මිනීමරුම් චෝදනා වලින් ඊයේ (11දා) නිදහස් කරනු ලැබූ පැරාලිම්පික් රන් පදක්කම් ලාභී ඔස්කා පිස්ටෝරියස් සාපරාධී මනුෂ්‍ය ඝාතනයක් කර තිබෙන බව ප්‍රිටෝරියා අධිකරණයේ විනිසුරු තොකොසිලේ මසීපා මහත්මිය අධිකරණය හමුවේ පැවැසුවාය.
කෙසේ වෙතත් මෙම ඝාතනය පූර්වමාර්ෂික ඝාතනයක් නොවන බවද ඇය සඳහන් කරයි. මීට අතරව 2013 වසරේදි හෝටලකදි වෙඩි තැබීමේ වරදකට හා නීති විරෝධී අයුරින් පතොරම් ළග තබා ගැනිම සඳහාත් පිස්ටෝරියස් වරදකරු බවට පත්ව තිබේ.
සාපරාධී මනුෂ්‍ය ඝාතනයකට දකුණු අප්‍රිකානු නීතිය අනුව වසර 15ක සිර දඬුවමක් නියම වන අතර නීති විශාරදයින් පවසන්නේ එම දඬවම වසර 7කින් හෝ 10කින් ගෙවියන ආකාරයට පිස්ටෝරියස් වෙත හිමිවනු ඇති බවයි.
තීන්දුව ප්‍රකාශයට පත්කරන විට පිස්ටෝරියස්ට නැගී සිටින ලෙසද විනිසුරුවරිය පැවැසුවාය. මෙම නඩුවේ දඬුවම තවම ප්‍රකාශයට පත්කර නොමැති අතර එය ඇපෑලක් සඳහා ඉහළ උසාවියට යොමුවනු ඇති බවත් විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.
පසුගිය වසරේ පෙබරවාරි මස 14දා සිය නිවසේ නානකාමරයට හොරෙන් ඇතුලු වූ පුද්ගලයෙකු බව සැකකරුමින් පිස්ටෝරියස් කළ වෙඩි තැබීමකින් ඔහුගේ පෙම්වතිය වන රීවා ස්ටෑන්කම්ප් ජිවිතක්ෂයට පත්වුවාය.
පිස්ටෝරියස් උසාවියට පැමිණෙමින්
රීවා ස්ටෑන්කෑම්ප්ගේ පවුලේ ඥාතීන්
පිස්ටෝරියස් වෙඩි තැබීමෙන් පසුව
පිස්ටෝරියස් හා රීවා ස්ටෑන්කෑම්ප්
විදෙස් මාධ්‍ය ඇසුරෙනි