දකුණු අප්‍රිකානු ආබාධිත කෙටිදුර ධාවන ශූර ඔස්කා පිස්ටෝරියස් සිතාමතාම මනුෂ්‍ය ඝාතනයක් සිදුකළ බව දකුණු අප්‍රිකානු අභියාචනාධිකරණය අද (03දා) තීන්දු කර ඇත.
එය එරට මහාධිකරණය විසින් මීට පෙර ඔහු සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයකට වැරදිකරුවෙකු කරමින් ලබාදුන් තීන්දුව වෙනස් කරමින් ලබාදුන් තීන්දුවකි.
මෙහිදී අධිකරණය මගින් දන්වා ඇත්තේ අදාළ සිදුවීමෙහි කාරණා නැවත සලකා බැලීමෙන් අනතුරුව මීට පෙර පිස්ටෝරියස්ට ලබාදුන් තීන්දුවේ යම් දෝෂයක් ඇති බව පෙනී ගිය බවයි.
කෙසේ වෙතත් විදෙස් වාර්තා මගින් වැඩිදුරටත් සඳහන් කරනුයේ, මේ අනුව පිස්ටෝරියස්ට වසර 15 කටත් අධික කාලයක් සිරදඬුවම් විඳීමට සිදුවනු ඇති බවයි.
පැරාලිම්පික් පදක්කම් 8 ක් දිනා ඇති පිස්ටෝරියස් ඔලිම්පික් තරගාවලියක් නියෝජනය කළ එකම ආබාධිත ක්‍රීඩකයා ලෙසද ඉතිහාස ගත වේ.
කෙසේ නමුත් 2013 වර්සයේදී සිය පෙම්වතිය වූ රීවා ස්ටීන්කැම්ප් ඝාතනය සම්බන්ධයෙන් ඔස්කා වරදකරු බවට පත්විය.