පිතිකාරිණයන් 9ක් 0යි එක් ක්රීඩිකාවක් 160
දකුණු අප්රිකානු වයස අවුරුදු 19 න් පහළ කාන්තා ක්රිකට් තරගාවලියකදී අරුම පුදුම ක්රිකට් ඉනිමක් ක්රීඩා කිරීමට ප්රමලංගා ක්රිකට් කණ්ඩායමේ ශානියා ලී ස්වොට් නම් ක්රීඩිකාව සමත්ව තිබේ. ඇය පන්දු 86 කින් ලකුණු 160 ක් රැස් කර ඇත්තේ හයේ පහර 12 ක් හා හතරේ පහර 18 ක් එල්ල කරමිනි. ඇයගේ ඉනිමේ විශේෂත්වය වන්නේ ඇය ලකුණු 160 ක් ලබාගන්නා විට අනෙකුත් සියලුම පිතිකාරිනියන් ලකුණු බිංදුවට දැවීයාමය. එහිදී දෙවැනි වැඩිම ලකුණු ලෙස අතිරේක ලකුණු 09 ක් වාර්තාවීම කැපීපෙනේ.
පන්දුවාර 20 තරගයක් ලෙස දකුණු අප්රිකාවේ ප්රිටෝරියා හි බැලොයි ෆීල්ඩ් ශාන්ත ඇල්බන්ස් විද්යාල ක්රීඩාංගණයේ පවත්වා ඇති මෙම තරගයේ ප්රමලංගා කණ්ඩායමේ ප්රතිවාදී කණ්ඩායම වී ඇත්තේ නැගෙනහිර 19 න් පහළ කණ්ඩායමයි. කෙසේ වෙතත් ශානියාගේ මෙම අරුම පුදුම ඉනිම හේතුවෙන් එම තරගය ජයගැනීමටද ප්රමලංගා කාන්තා 19 න් පහළ කණ්ඩායම සමත්ව ඇත.
එහිදී නැගෙනහිර කාන්තා 19 න් පහළ කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුළදී කඩුලු 06 ක් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 127 ක් පමණි. ශානියා පන්දු යැවීමෙන්ද කඩුලු 02 ක් දවාගනිමින් නැගෙනහිර කණ්ඩායමට ප්රබල අභියෝගයක් එල්ල කළාය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

