ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ කිසිදු වෙනසක් සිදු නොවන බවත්, බොහෝ දුරට ආබාධයකට ලක්ව සිටින නුවන් ප්‍රදීප් වෙනුවට දුෂ්මන්ත චමීර ක්‍රීඩාකිරීමට වැඩි අවස්ථාවක් ඇති බවත් ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් පවසයි.
ශ්‍රී ලංකා කණ්ඩායම හා සංචාරක ඉන්දීය කණ්ඩායම අතර කොළඹ පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේදී හෙට (20දා) ආරම්භ වන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය පිළිබඳව අද (19දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී ඔහු මේ බව පවසා සිටියේය.
"හෙට තරගයට හොඳ සූදානමක් තියෙනවා. නමුත් නුවන් ප්‍රදීප් මේ වනවිට ආබාධයකට ලක්ව තිබෙනවා. එමනිසා ඔහු වෙනුවට දුෂ්මන්ත චමීර ක්‍රීඩාකිරීමට වැඩි අවස්ථාවක් තිබෙනවා" යැයි පැවසීය.
පාකිස්තානයට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලියේදී චමීර ආබාධයකට ලක්වූ අතර, ඒ හේතුවෙන් ඔහුට ඉන්දියාවට එරෙහිපළමු ටෙස්ට් තරගය අහිමි විය. කෙසේ නමුත් මැතිව්ස් මෙහිදී පවසා සිටියේ චමීර මේ වනවිට සුව තත්ත්වයට පත්ව තිබෙන බැවින් ඔහුටක්රීඩාකිරීමට අවස්ථාවක් ලැබෙනු ඇති බවයි.
ගාල්ලේ පැවැති තරගයේදී ශ්‍රී ලංකා ඉදිරිපෙළ පිතිකරුවන්ගෙන්, විශේෂයෙන් ආරම්භක පිතිකරුවන්ගෙන් සාර්ථක ආරම්භයක් නොලැබුණු අතර, ඒ හේතුවෙන් ඔවුන්ගේ ස්ථානවල වෙනසක් සිදුවෙනවාද යන්න පිළිබඳව කළ විමසුමකට පිළිතුරු දෙමින් ශ්‍රී ලංකා නායකයා පවසා සිටියේ පිතිකරුවන්ගේ කිසිදු වෙනසක් හෙට (20දා) තරගයේදී සිදු නොවනු ඇති බවයි.