පිට පිට දෙවන වරටත් කාල්ටන් පැසිපන්දු ශූරතාවය හම්බන්තොටට
පිට පිට දෙවැනි වරටත් කාල්ටන් පැසිපන්දු කුසලානය තමන් සතු කරගැනීමට එච්.එස්.සී. (හම්බන්තොට ක්‍රීඩා සමාජ) බ්ලූස් කණ්ඩායම සමත් විය. ඒ තරගාවලියේ අවසන් තරගයෙන් කොළඹ පැසිපන්දු ක්‍රීඩා සමාජය ලකුණු 79-55 ක් ලෙස පරාජයට පත්කරමිනි.
තරගාවලියේ අවසන් තරග කොළඹ හෙන්රිපේද්‍රිස් පැසිපන්දු පිටියේදී පැවැත්වුණු අතර, එහිදී පැවැති අනෙක් අවසන් තරගවලදී,
අමල් ජාත්‍යන්තර පාසල (14 පහළ පිරිමි සැනසිලි ශූරතාව)
ශාන්ත ජෝශප් බාලිකා විදුහල නුගේගොඩ (14 පහළ කාන්තා සැනසිලි ශූරතාව)
ලයිසියම් ජාත්‍යන්තර පාසල නුගේගොඩ (14 පහළ පිරිමි ශූරතාව)
ලයිසියම් ජාත්‍යන්තර පාසල වත්තල (14 පහළ කාන්තා ශූරතාව)
ගේට්වේ ජාත්‍යන්තර පාසල රාජගිරිය (19 පහළ ත්‍රෛසාමාජික පිරිමි ශූරතාව)
විශාකා විද්‍යාලය කොළඹ (19 පහළ ත්‍රෛසාමාජික කාන්තා ශූරතාව)
මොරටුව ක්‍රීඩා සමාජය (පිරිමි දෙවැනි කාණ්ඩයේ ශුරතාව)
ශූරතා හිමිකර ගත්හ.
ඡායාරූප - ඉසුරු පෙරේරා
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

