තමන් නායකත්වය පසුපස ගිය පුද්ගලයෙකු නොවන බවත් නායකත්වය නැතිවූවාට ගැටලුවක් නැති බවත් ශ්‍රී ලංක කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් පවසයි. බි.බී.සී. සිංහල සේවයේ අසාම් අමීන් සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමන් මැතිව්ස් මේ බව පවසා තිබේ.
එසේම තමන්ට බොරුවට ආබාධවලට ලක්විමට අවශ්‍යතාවක් නැති බවත් තමන්ට හිතවත්, තම පාසලේ ක්‍රිකට් ක්‍රීඩකයන් කණ්ඩායමට ඇතුළත් කිරීමට උත්සාහ නොකරන බවත් මැතිව්ස් මෙහිදී පැවැසීය.
මැතිව්ස් හා කළ සම්මුඛ සාකච්ඡාව අද (3දා) රාත්‍රී 9 ට බී.බී.සී. සිංහල ෆෙස්බුක් පිටුවේ ප්‍රචාරය වීමට නියමිතය.