පාසල් ක්‍රීඩා නිලධාරීන් හා පාසල් ක්‍රීඩකයන් විදෙස් තරග සංචාර සඳහා සහභාගී වූ ආකාරය පිළිබඳවද විශේෂ විමර්ශනයක් සිදුකරන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පාසල් ක්‍රීඩා නිලධාරීන්ට උපදෙස්දී තිබේ. එම විමර්ශනයේ වාර්තාවක්ද තමාට ලබාදෙන්නැයි අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස්දී තිබේ.
විදෙස් තරග සංචාර සඳහා පාසල් ක්‍රීඩකයන් රැගෙන යාමේදී සිදුවී ඇතැයි පැවසෙන අක්රමිකතාවන් පිළිබඳ ලැබුණු පැමිණිලි සහ තොරතුරු පිළිබඳව අවධානය යොමුකරමින් අමාත්‍යවරයා මෙම තීරණය ගෙන තිබේ.
විදෙස් තරග සංචාර සඳහා සිසුන් රැගෙන යාමේදී විශාල මුදලක් අය කිරීම, ඇතැම් නිලධාරීන් පාසල් ක්‍රීඩකයන්ගේ මුදල් යොදාගනිමින් තම හිතවතුන් හා පවුල්වල සාමාජිකයන් නොමිලේ තරග සංචාර සඳහා සහභාගි කරවීම, ක්‍රීඩකයන්ගේ විදෙස් ගමන් බලපත්‍ර යොදා ගනිමින් ගුවන් තොටුපළෙ තීරබදු රහිත සාප්පු සංකීර්ණයෙන් මිල අධික මත්පැන් මිලදී ගැනීම ඇතුළු පැමිණිලි රාශියක් ලැබී තිබේ.
එසේම ජාතික පාසල්වල ක්‍රීඩා දක්ෂතා දක්වන සිසුන් ජාත්‍යන්තර පාසල්වලට ඇතුළත් කරගැනීමේදී සිදුවී ඇති බවට සැලකෙන අක්රමිකතාවන් පිළිබඳවද කරුණු සොයා බලා වාර්තාවක් සකස් කරන ලෙසද අමාත්‍යවරයා වැඩිදුරටත් නියෝග කර තිබේ.