පාසල් සංගම්වලට හිතුමතේට විදියට වැඩකළ නොහැකි බවත්, අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ ඉදිරි තරග විනිශ්චය කිරීම වෙනුවෙන් විනිසුරුවන් ලබානොදෙන ලෙසට ශ්‍රී ලංකා රග්බි සම්මේලනයට දැනුම් දුන් බවත් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළේය.
ජයසේකර මහාත මේ බව පැවසුවේ, මේ දිනවල ක්‍රියාත්මක වන අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ ඇතිවූ ගැටුම් පිළිබඳව ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී ඊයේ (02) පැවති මාධ්‍ය හමුවකදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
'පාසල් රග්බි සංගමය මෙහෙයවන අන්තර් පාසල් රග්බි තරගාවලියේ ඇතිවූ ගැටුම් පිළිබඳ පසුගිය වසරේදීද මාධ්‍ය මගින් අනාවරණය වුණා. නමුත් ඔවුන්ට දීපු දඬුවම තමයි මාස 09ක් තරග රහිත කාලසමයේ (Off Season) තරග තහනමට ලක්කර තිබීම. එයින් වරද කරපු අයට තමන්ගේ වරද පිළිබඳව කිසිම අවබෝධයක් ලැබුණෙ නෑ. ඔවුන් නැවත තරග කාලසමයේදී යළිත් ක්‍රීඩා කළා.
එමනිසා මෙවර තරගවාරය ආරම්භයේදී, මම පාසල් රග්බි සංගමයට දැනුම් දුන්නා මේ පිළිබඳ තිබෙන නීතිරීති අපිට එවන්න කියලා. නමුත් මේ වනතුරුත් ඒක වුණෙ නෑ. මේ අතරතුරේ ගිය සතියේ වෙස්ලි - ත්‍රිත්ව තරගයේදී පහරදීම් ගණනාවක් වුණා. රාජකීය - ශා. ජෝශප් තරගයේදීත් මෙවැනි සිදුවීමක් වුණා. ඒ ගැන වීඩියෝ පටත් ලැබිල තියෙනවා. මේ නිසා ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස මම ශ්‍රී ලංකා රග්බි සම්මේලනයට නියෝග කළා, විනිශ්චකාරවරුන් යවන එක (පාසල් රග්බි තරගාවලිය) නතර කළ යුතුයි කියලා. මාත් ගොඩාක් ඉවසගෙන ඉඳල තමයි මේ තීරණය ගත්තේ. අනාගතයේදී මම දැඩි තීරණයක් මේ සම්බන්ධයෙන් ගන්නවා* යනුවෙන් පැවසීය.
පාසල් රග්බි බලධාරීන් සමග මේ පිළිබඳව සාකච්ඡාකර තීරණයක් ගන්නා බව අමාත්‍යවරයා පවසා සිටි අතර, එම සාකච්ඡාව ඊයේ (02දා) සන්ධ්‍යාවේ පැවැත්වීමට නියමිතව තිබුණි. අධ්‍යාපන අමාත්‍යාංශය ලෙසින් තීරණ ගත හැකිවුවත්, රග්බි ක්‍රීඩාව පිළිබඳ තීරණ ගැනීම හා පාලනය කළ හැක්කේ රග්බි මවු සංගමයට බව හෙතෙම මෙහිදී පැවසීය.
කෙසේ වෙතත් මෙවර පාසල් රග්බි තරගාවලිය පවත්වාගෙන යාමට, අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පාසල් රග්බි සම්මේලනයට උපදෙස් ලැබී ඇති වාතාරණයක ක්‍රීඩා අමාත්‍යවරයාගේ තීරණ, අධ්‍යාපන අමාත්‍යාංශයේ තීරණ හා එකඟ නොවන්නේ දැයි අප කළ විමසුමකදී ක්‍රීඩා අමාත්‍යවරයා පැවසුවේ ''ඒගොල්ලන්ට පුළුවන්නම් ක්‍රියාත්මක කරගෙන යන්න (තරගාවලිය) කියන්නකො'' යනුවෙනි.
මේ පිළිබද වැඩිදුරටත් කරුණ පැහැදිලි කළ අමාත්‍යවරයා,
''පාසල් සංගම්වලට ඕන ඕන විදිහට වැඩ කටයුතු කරන්න බෑ. ජාතික සංගම් තියෙන්නේ ඒකයි. පාසල් දරුවො ඉන්න නිසා තමයි ඒ ගොල්ලො (පාසල් සංගම්) ක්‍රියාත්මක කරගෙන යන්නෙ. ශාරීරික අභ්‍යාස පිළිබඳ විතරයි පාසලකට අයිතිය තියෙන්නෙ. ක්‍රීඩාව පිළිබඳ අයිතිය තියෙන්නෙ ක්‍රීඩා අමාත්‍යාංශයට. ක්‍රීඩාව පාලනය වෙන්න ඕන තැන තමයි ක්‍රීඩා අමාත්‍යාංශය. පාසල් ක්‍රීඩා පවා ඇතුළත් විය යුත්තේද ක්‍රීඩා අමාත්‍යාංශයට'' යැයි යනුවෙන් පැවසීය.
මේ සම්බන්ධයෙන් අමාත්‍යවරයාගෙන් ඊයේ (02) සන්ධ්‍යාවේදී කළ විමසුමකදී හෙතෙම පැවසුවේ, ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ නිලධාරීන් සමගින් සිදුකළ සාකච්ඡාවලින් අනතුරුව තරගාවලියේ නීතිරීති සම්බන්ධයෙන් නිසි දැනුවත් කිරීම් සිදුකිරීමට පාසල් රග්බි සම්මේලනයට එළඹෙන බදාදා සවස 3.00 දක්වා කාලය ලබාදීමට තීරණය කළ බවයි. එතෙක් විනිසුරුවන් තරගාවලියට යෙදවීමට රග්බි සම්මේලනයට දැනුම් දුන් බව පවසා සිටියේය.
මේ පිළිබද ඊයේ (02දා) සවස අප කළ විමසුමකදී, ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමයේ ලේකම් ඩෙන්සිල් ඩාලිං මහතා පැවසුවේ, ඉදිරි රග්බි තරග විනිශ්චය සඳහා ගැටලුවකින් තොරව විනිසුරුවන් ලබාදෙන බව ශ්‍රී ලංකා රග්බි විනිසුරුවන්ගේ සංගමය විසින් තමන් වෙත දැනුම් දුන් බවයි.
මේ අතර අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ ත්‍රිත්ව හා වෙස්ලි අතර තරගයේදී සිදුවූ ගැටුම සම්බන්ධයෙන් වෙස්ලි විද්‍යාලයේ අභියාචනා ඊයේ (02) භාර දුන් බව ඩෙන්සිල් ඩාලිං මහතා පවසා සිටියේය.
කෙසේ නමුත් ඉකුත්දා (24දා) ඇතිවූ එම ගැටුම සම්බන්ධයෙන් ක්‍රීඩකයන් 07 දෙනෙකුට තරග තහනම් පැනවීමට පාසල් රග්බි සම්මේලනය පියවර ගෙන තිබේ. එම ගැටුමට මූලික වූ වෙස්ලි විදුහලේ ක්‍රීඩකයාට වසරක තරග තහනමක් හා අනෙක් ක්‍රීඩකයාට පළමු අදියරේ සියලුම තරග තහනම් කර ඇති අතර, සෙසු ක්‍රීඩකයන් පස් දෙනාට තරග 02 බැගිනුත් තරග තහනම් කර තිබේ.