(VIDEO) සංචාරක ශ්රී ලංකා කණ්ඩායම හා එංගලන්තයේ එසෙක්ස් ප්රාන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පුහුණු තරගයේදී ශ්රී ලංකා කණ්ඩායමේ කඩුලු හතරක් දවාගත් පාසල් ක්රීඩකයෙකු පිළිබඳව මේ වන විට බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා.
“ඒක අපූරු දිනයක්. පළමුව පන්දු යැවීමට දිව යන විට මට යම් චකිතයක් තිබුණා තමයි, නමුත් ඔබ හොඳ පන්දු දෙකක් යොමු කළ විට ඔබ පිටියේ ස්ථිර වෙනවා.”
මාර්තු මාසයේදී එසෙක්ස් කණ්ඩායම හරහා එංගලන්ත පළමු පෙළ වරම් හිමිකරගත් ආරෝන් පෝල් බියර්ඩ් නම් මේ තරුණ ක්රීඩකයා ශ්රී ලංකා කණ්ඩායමේ දිමුත් කරුණාරත්න, කෞෂාල් සිල්වා, කුසල් මෙන්ඩිස්, මිලින්ද සිරිවර්ධන යන පිතිකරුවන් පුහුණු තරගයේදී දවා ගැනීමට සමත්වෙනවා.
VIDEO
ඒ අනුව ශ්රී ලංකාව හා පැවැත්වෙන ටෙස්ට් තරගාවලියටත් ආරෝන්ට කැඳවීමක් ලැබීමට ඉඩතිබෙන බව ක්රිකට් විචාරකයන් පෙන්වා දෙනවා. දකුණතින් වේග පන්දු යවන්නෙකු වෙන 2013 වසරේදී පැවැති අලුබඳුන ටෙස්ට් තරගාවලියේදී පුහුණු තරගවලදී අතිරේක ක්රීඩකයෙකු ලෙසින් එක්ව පිටියේ පන්දු රැකීමටත් කටයුතු කළා. ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 15ක් වණා.
ශ්රී ලංකාව හා පැවැත්වෙන පුහුණු තරගයේදී ඔහු ලකුණු 62ට කඩුලු හතරක් දවාගත්තේ ඉනිමේ ඉදිරිපෙළ විනාශ කරමින්.
“ඒක අපූරු දිනයක්. පළමුව පන්දු යැවීමට දිව යන විට මට යම් චකිතයක් තිබුණා තමයි, නමුත් ඔබ හොඳ පන්දු දෙකක් යොමු කළ විට ඔබ පිටියේ ස්ථිර වෙනවා.” යැයි බර්ඩ් සඳහන් කළා.