ආසියානු කුසලාන පන්දුවාර විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අද (27දා) පැවති තරගයෙන් පාකිස්තාන කණ්ඩායම පරාජය කර කඩුලු 05 ජයක් ලැබීමට ඉන්දීය කණ්ඩායම සමත්විය.
මෙම ජයග්‍රහණයත් සමගින් ප්‍රසාද ලකුණු සටහනේ තව දුරටත් පෙරමුණ රැකගැනීමට ඉන්දීය කණ්ඩායමට හැකිවිය. මෙම තරගය මීර්පූර්හි ශේර් බංග්ලා ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
ඉන්දියාව සෙමෙන් සෙමෙන් ඉනිම ගොඩනගයි
මොහොමඩ් අමීර්ගේ අනපේක්ෂිත ආරම්භය හේතුවන් ඉන්දීය ඉනිම ආරම්භයේදී යම් කඩාවැටීමට ලක්වූවත්, මේ වනවිට කඩුල්ලේ රැදී සිටින විරාට් කෝලි හා යුවරාජ් සිං සෙමෙන් සෙමෙන් ඉන්දීය ඉනිම ජයග්‍රහණය කරා රැගෙන යමින් සිටියි.
ඉනිමේ පන්දුවාර 08 ක් අවසන් වනවිට ඉන්දීය කණ්ඩායම කඩුලු 03 න් දැවී ලකුණු 35 රැස්කරගෙන සිටි අතර, ඒ අනුව පන්දුවාර 12 ක් ඉතිරිව තිබියදී ඉන්දීය කණ්ඩායමට ජයග්‍රහණය සදහා අවශ්‍ය ඇත්තේ ලකුණු 49 පමණි. ඒ සඳහා කඩුලු 07 ක් ඔවුන් අතැතිව තිබේ. විරාට් කෝලි ලකුණු 16 ක් හා යුවරාජ් සිං ලකුණු 06 ක් රැස්කරගෙන කඩුල්ලේ රැදී සිටියි.
පාකිස්තානයෙන් සාර්ථක ආරම්භයක්
පාකිස්තානු කණ්ඩායමෙන් එල්ල වූ ලකුණු 83 ක පහසු ඉලක්කයට පිළිතුරු ඉනිම ක්‍රීඩාකරමින් සිටින ඉන්දීය කණ්ඩායම මේ වනවිට පන්දුවාර 03 ක් අවසානයේ කඩුලු 03 ක් දැවී ලකුණු 09 ක් රැස්කරගෙන සිටියි. පාකිස්තානු කණ්ඩායම ජයග්‍රාහී බලාපොරොත්තු ඇතිකළ මොහොමඩ් අමීර් සිය පළමු පන්දුවාර දෙක තුළදී එම කඩුලු තුන දවාගැනීමට සමත්විය.
ඉන්දීය කණ්ඩායමේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන්2 පාකිස්තාන කණ්ඩායම පන්දුවාර 17.3 ක් අවසානයේ සියල්ලන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 83 ක් පමණි. මෙය පාකිස්තානු කණ්ඩායමක් ඉන්දියාව හමුවේ දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව විය.
පාකිස්තානු ඉනිම යම් තරමකට හෝ ඔසවා තැබූ සෆ්රාස් ඛාන් ලකුණු 25 ක් රැස්කළේය.
ක්‍රික්ඉන්ෆෝ ලකුණු පුවරුව