බංග්ලාදේශ කණ්ඩායම හමුවේ තරග 3-0 ක් ලෙස සිය එක්දින ක්රිකට් ඉතිහාසයේ අවමන්සහගත තරගාවලි පරාජය ලැබූ පාකිස්තාන කණ්ඩායමට තවත් ඓතිහාසික අවමානයකට ලක්වීමට අද (24දා) සිදුවිය. ඒ මීර්පූර්හි පැවැති එකම පන්දුවාර විස්සයි20 තරගයෙන්ද බංග්ලාදේශ කණ්ඩායම හමුවේ කඩුලු හතකින් පරාජය වෙමිනි.
දෙරට අතර මේ දක්වා (2007- 2015) විස්සයි20 තරග 08 ක් පවත්වා ඇති අතර, එහිදී පාකිස්තානු කණ්ඩායම බංග්ලාදේශ කණ්ඩායම ඉදිරියේ පරාජය වූ පළමු තරගය මෙය වෙයි.
බංග්ලාදේශයේ ශේර් බංග්ලා ක්රීඩාංගණයේ පැවැති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ රැස්කිරීමට හැකිවූයේ ලකුණු 141/5 ක් පමණි.
පිළිතුරු ඉනිම ක්රීඩා කළ බංග්ලාදේශ පිතිකරුවෝ තරගයේ 16.2 වැනි පන්දුවාරයේදී එම ඉලක්කය පසුකර යාමට සමත් වූහ. තරගයේ වීරයා ලෙස සබීර් රෙහමාන් සම්මාන දිනාගත්තේය.
ක්රික්ඉන්ෆෝ ලකුණු පුවරුව
පාකිස්තාන ඉනිම / බංග්ලාදේශය පන්දු යැවීම
බංග්ලාදේශ ඉනිම / පාකිස්තාන පන්දු යැවීම