බංග්ලාදේශ කණ්ඩායම හමුවේ සිය ක්‍රිකට් ඉතිහාසයේ අවමන්සහගත තරගාවලි පරාජයක් අත්විදීමට පාකිස්තාන කණ්ඩායමට ඊයේ (22දා) සිදුවිය. තරග තුනකින් සමන්විත වූ මෙම තරගාවලියේ පළමු තරග දෙකද බංග්ලාදේශය හමුවේ පරාජය වී සිටි පාකිස්තාන කණ්ඩායමට මීර්පූර්හි පැවැති තෙවැනි තරගයෙන්ද කඩුලු අටකින් පරාජය වීමට සිදුවිය.
ශේර් බංග්ලා ක්‍රීඩාංගණයේ පැවැති තෙවැනි තරගයේ පළමුව පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායමට පන්දුවාර 49 ක් අවසානයේ සියල්ලන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 250 ක් පමණි. ලකුණු 251 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය බංග්ලාදේශ පිතිකරුවෝ තරගයේ 39.3 වැනි පන්දුවාරයේදී එම ඉලක්කය පසුකරයාමට සමත්විය.
මෙහිදී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩාකළ සෞම්‍ය සර්කාර් නොදැවී ලකුණු 127 ක් රැස්කරමින් කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේය. 22 හැවිරිදි සර්කාර්ගේ කුළුදුල් එක්දින ශතකයද මෙය වන අතර, එම කැපීපෙන ඉනිම හේතුවෙන් තරගයේ වීරයා සම්මානයද ඔහුට හිමිවිය. මෙහි තරගාවලියේ වීරයා සම්මානය ආරම්භක පිතිකරු තමීම් ඉක්බාල්හට හිමිවිය. තරග තුනකින් සමන්විත වූ මෙම තරගාවලියේදී ඔහු ශතක දෙකක් හා අර්ධ ශතකයක් සමගින් ලකුණු 312 ක් රැස්කිරීමට සමත්විය.
ක්‍රික්ඉන්ෆෝ ලකුණු පුවරුව
පාකිස්තාන ඉනිම / බංග්ලාදේශය පන්දු යැවීම
බංග්ලාදේශ ඉනිම / පාකිස්තානය පන්දු යැවීම