සංචාරක පාකිස්තානු කණ්ඩායම පරාජය කර මීර්පූර්හි ශෙයා බංග්ලා ක්රීඩාංගණයේ ඊයේ (19දා) පැවැති දෙවැනි තරගයෙන්ද කඩුලු 07 ක පහසු ජයක් ලැබීමට සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම සමත්විය. ඒ අනුව තරග තුනකින් සමන්විත මෙම තරගාවලියේ තවත් තරගයක් ඉතිරිව තිබියදී තරගාවලිය 2-0 කින් ජයගැනීමට ඔවුන්ට හැකිවිය. බංග්ලාදේශ ක්රිකට් ඉතිහාසයේ පාකිස්තානු කණ්ඩායමක් පරාජය කර ලැබූ පළමු තරගාවලි ජයග්රහණය මෙය වේ.
ඕෂිත වරකපිටිය
පාකිස්තානු කණ්ඩායමේ එල්ල වූ ලකුණු 240 ක ඉලක්කයට පිළිතුරු ඉනිම ක්රීඩා කළ බංග්ලාදේශ පිතිකරුවෝ එම ඉලක්කය තරගයේ 38.1 වැනි පන්දුවාරයේදී කඩුලු 03 ක් පමණක් දැවී පසුකර යාමට සමත් විය. බංග්ලාදේශ ජයග්රහණයේ නියමුවා වූ ආරම්භක පිතිකරු තමීම් ඉක්බාල් පන්දු 116 කදී හතරේ පහර 17 ක් හා හයේ පහරක්ද ඇතුළුව නොදැවී ලකුණු 116 ක් රැස් කිරීමට සමත් විය. ඔහුට අමතරව මුෂ්ෆිකර් රහීම් ලකුණු 65 ක් රැස් කළේය.
තරගයේ ප්රථමයෙන් පන්දුවට පහර දුන් පාකිස්තාන කණ්ඩායම සිය පන්දුවාර 50 අවසානයේදී කඩුලු 6 ක් දැවී ලකුණු 239 ක් රැස් කිරීමට සමත් විය. පාකිස්තාන ඉනිම ඔසවා තැබූ සාඩ් නසීම් ලකුණු 77 ක් රැස් කිරීමට සමත් විය. ඔහුට අමතරව වහාබ් රියාස් වේගවත් ලකුණු 51 ක් රැස් කළේ පන්දු 40 ක් තුළදීය. බංග්ලාදේශය වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ සකිබ් අල් හසන් කඩුලු 2 ක් දවාළීමට සමත් විය. තරගයේ වීරයා සම්මානය තමීම් ඉක්බාල්ට හිමිවිය. දෙරට අතර පැවැත්වෙන තෙවැනි හා අවසන් එක්දින තරගය අනිද්දා (22දා) ඩකාහීදී පැවැත්වේ.