එළැඹෙන ලෝක කුසලාන තරගාවලිය සඳහා පාකිස්තාන කාන්තා හා පිරිමි කණ්ඩායම් ඉන්දියාවට සංචාරය කරන්නේ ආරක්ෂාව තහවුරු කිරීමෙන් පසුව බව පාකිස්තාන මාධ්‍ය වාර්තා කරයි.
ඉන්දියාව තුළ පාකිස්තාන කණ්ඩායමට ඇති ආරක්ෂාව පිළිබඳව සොයා බැලීම සඳහා තිදෙනෙකුගෙන් යුත් කමිටුවක් පත්කර ඇති අතර, ඔවුහු අද දිනයේදී ඉන්දියාවේ සංචාරය කිරීමට නියමිතය. මෙම කමිටුවට පාකිස්තාන එෆ්.අයි.ඒ. (Federal Investigation Agency) ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුද නම් කර තිබේ.
ඉන් අනතුරුව රැස්කරගන්නා තොරතුරු පදනම් කරගනිමින් වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිත අතර, එහි අවසන් තීරණය අනිද්දා (09දා) ලබාදීමට නියමිතය. පාකිස්තානයට ඉන්දියාවේ සංචාරය කිරීමට අවශ්‍ය අවසරය මේ වනවිට පාකිස්තාන රජය විසින් ලබාදී ඇති නමුත් පාකිස්තාන ක්‍රිකට් ආයතනය තම කණ්ඩායම් තරගාවලියට සහභාගී කරවීමේ අවසන් තීරණය ඉන්දියාවේදී පාකිස්තාන කණ්ඩායමට ඇති ආරක්ෂාව පිළිබඳව අවධානය යොමු කරමින් ලබාගැනීමට නියමිතය.
කෙසේ වෙතත් මේ පිළිබඳව අදහස් දක්වා සිටින පාකිස්තාන ස්වදේශ කටයුතු අමාත්‍ය නිසර් ඛාන් මහතා පවසන්නේ පාකිස්තාන කණ්ඩායමට ආරක්ෂාව සැපයීම ඉන්දීය රජයේ වගකීම බවයි.
විස්සයි20 ලෝක කුසලනා තරගාවලියේ පාකිස්තාන කණ්ඩායමට ක්‍රීඩා කරන පළමු තරගය මාර්තු 16 වැනිදා පළමු වටයෙන් සුදුසුකම් ලබාගන්නා කණ්ඩායම හා පැවැත්වීමට නියමිතය.